Friday, January 10, 2025

General line - 0115112241

උතුරෙන් ආයුධ මතුවීම අමුතු දෙයක් නොවේ!

ඩිල්ෂාන් මඩවල/ සජිත් තිලකරත්න




උතුරේ ඇතැම් ප‍්‍රදේශවලින් වරින්වර ආයුධ සොයා ගැනීම වැරදි ලෙස අර්ථකථනය නොකරන්නැයි උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු මෙම ඉල්ලීම කළේ මුලතිව්හි පැවැති උත්සවයකට සහභාගී වෙමින්.

"තිස් වසරක් දිග්ගගැහුනු යුද්ධයක් තිබුණ ප්‍රදේශයක්. මුළු පළාතම ආයුධ සංස්කෘතියෙන් වෙලිල තිබුණේ. පොලවේ වැලි කැටයක් කැටයක් ගානෙ වෙඩි බෙහෙත් මුසුවෙලා ඇති. දකුණේ අපට මේක අමුතු වුණාට මෙය අමුතු දෙයක් නෙවෙයි. මේ පොලව නැවත නිර්මාණය කරන්න යද්දි හංගපු තැන්වලින් මේව මතු වෙවා. "

කිසියම් ගැටලූ ඉතිරිවී ඇත්නම් කළ යුත්තේ ජාතීන් අතර විශ්වාසය ඇති කර එම ගැටලූද නිරාකරණය කිරීම බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.