Friday, January 10, 2025

General line - 0115112241

රන්ජන්ගෙන් හිටපු ජනපතිට අභියෝගයක් සමග FCIDයට පැමිණිල්ලක්

සජිත් තිලකරත්න




අමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණ කරන පරිදි මැතිවරණ කටයුතු සඳහා චීනයෙන් මුදල් ලබා නොගත්තේ නම් ඒ බවට දිවුරුම් ප‍්‍රකාශයක් ලබා දෙන්නැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක් කරනවා. නැතහොත් ලබා ගත් මුදල් ආපසු ලබා දෙන ලෙසයි ඔහු මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ කෙරුණු අදාළ ප‍්‍රවෘත්තිය අසත්‍ය එකක් බව ප‍්‍රකාශ කරන්නේ නම් එම පුවත්පතට එරෙහිව නඩුවක් පැවරිය හැකි බවද මෙහිදී සිහිපත් කෙරුණා.

අදාළ පුවත්පත් වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ විමර්ශනයක් සිදු කරන්නැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඊයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ලක්ද කළා.