මාතර ස්වර්ණාභරණ අලෙවි සැලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන හබරකඩ වසන්ත නැමැත්තාගේ බිරිඳට අයත් නිවෙසකින් සොයා ගැනුණු රිවෝල්වරය එම කොල්ලකෑමට යොදා ගත් එකක් යැයි සැකකරන බව පොලීසිය පවසනවා.
මෙම කොල්ලකෑමේ සිද්ධියට පුද්ගලයින් 07 දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා පසුව පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වුණා.
කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන අබේසිංහ ආරච්චිගේ වසන්ත කුමාර නැමැත්තා ඔහුගේ බිරිඳට අයත් හෝමාගම හබරකඩ නිවක සිටින බවට පොලිස් විශේෂ කාර්යය බලකායට තොරතුරක් ලැබී තිබුණා. වහා කි‍්‍රයාක්මක වූ පොලිස් විශේෂ කාර්යය බලකාය එම නිවසට ගියද සැකකරු එහි සිට නැහැ. ඔහුගේ බිරිඳ එහි සිට ඇති අතර එම නිවස පරික්ෂා කිරීමේදී මෙම රිවෝල්වරය හමුවී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර නෙත් නිවුස් වෙත කියා සිටියේ ඊට යොදන උණ්ඩ 04ක් ද මෙහිදී සොයා ගත් බවයි. සැකකාර හබරකඩ වසන්තගේ බිරිඳ ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට භාර දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මාතර එම කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ හබරකඩ වසන්ත ඇතුලූ තවත් 03දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කි‍්‍රයාත්මකයි.
------------------------------
මාතර කොල්ලයේ සැකකරුවෙකුගේ නිවසින් රිවෝල්වරයක් සොයා ගැනේ
29-06-2018 07:19
මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවි සැලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකුගේ බිරිඳට අයත් අයත් නිවෙසක තිබී රිවෝල්වරයක් සොයා ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින්.
අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී මෙම රිවෝල්වරය සොයා ගෙන තිබෙනවා.
අදාළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුගේ බිරිඳගෙන් මේ පිළිබඳ ප්‍රශ්ණ කර තිබෙනවා. මෙම කොල්ලකෑමේ සිද්ධියේ කොල්ල කරුවන් සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වුණා.