ළමයින් උද්ඝෝෂණවලට යොදවා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි සමාජ විරෝධී කි‍්‍රයාවක් බව ජාතික ළමා රක්ෂක අධිකාරිය පවසනවා. උතුරු පළාතේ ඉකුත් දා කෙරුණු උද්ඝෝෂණ කිහිපයක් සඳහාම ළමයින් යොදවා ගෙන තිබීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති එච් එම් අබේරත්න මේ බව පැවසුවා.
කෙසේ වෙතත් ළමයින් උද්ඝෝෂණ සඳහා යොදවා ගැනීම වළක්වාලීම සඳහා ප‍්‍රමාණවත් නීති නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව එවැනි නීති සම්පාදනය කිරිම සඳහා ඉදිරියේදී ජන මතයක් ඇති කිරීමට උත්සහ කරන බවයි ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ළමයින් ආරක්ෂා කර ගැනීම සියලූ දෙනාගේ වගකීමක් බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.