Friday, May 3, 2024

General line - 0115112241

කාන්තාවන්ට ජීවත් වීම භයානකම රට නවතම සමීක්ෂණයක් හෙළිවෙයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කාන්තාවන් සඳහා භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරනවා. එම සමික්ෂණයට අනුව හෙලි වි ඇත්තේ ඇෆ්ගනිස්ථානය, සිරියාව, සවුදි අරාබිය යන රටවල්ද කාන්තාවන් සඳහා භයානක රටවල් අතර වන බවයි.

ලොව රටවල කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, සංස්කෘතික සම්ප‍්‍රදායන් හා කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සහ මිනිස් ජාවාරම් යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර මෙම සමීක්ෂණය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මීට වසර 07කට පෙර ලොව කාන්තාවන්ට භයානකම රටවල් අතර පෙරමුණ ඇෆ්ගනිස්තානයට හිමිව තිබුණා. ඉන්දියාව පසුවුණේ සිව්වන ස්ථානයේයි.