අතුරුදන්ව සිටි දීගදන්තු හස්තියා දින 10කට පසු ඊයේ රාති‍්‍රයේ සොයා ගෙන තිබෙනවා.ඒ, කහල්ල, පල්ලේකැලේ රක්ෂිතයේ කන්ද නමින් හැඳින්වෙන ප්‍රදේශයේ සිටියදීයි. කලාවැව ජාතික වනෝදානයේ සිටියදී මෙම හස්තියා සොයා පොලිස් විශේෂ කාර්යය බලකාය සහ වනජීවි නිලධාරීන් එක්ව මෙහෙයුමක්ද ආරම්භ කළා. එහි ප්‍රතිපලයක් ලෙස දීග දන්තු හස්තියා ඊයේ සොයා ගැනුණු බවයි වනජීවි දෙපාර්තමේන්තුව පැවසුවේ.
කහල්ල පල්ලේකැලේ රක්ෂිතයේ කෙරුණු මෙම මෙහෙයුම සඳහා වනජිවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ද එක්ව සිටියා. දීග දන්තු හස්තියා සැලකෙන්නේ කලාවැව ජාතික වනෝද්‍යානයේ ඇතුන් ගහණයේ සිටින විශාලතම හස්තියා ලෙසයි. ඉකුත් 18වනදා මෙම හස්තියා සෙයා මෙහෙයුම් ආරම්භ කළ අතර ඇතාගේ වම් පාදයට ද තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේවනවිට දීග දන්තු හස්තියාට ප්‍රතාකාර කටයුතු සිදු කරමින් සිටින බවයි පරිසරවේදී ශශිකලණ රත්වත්ත ප්‍රකාශ කළේ.
ජාතික වනෝද්‍යාන තුළ සිටින අලි ඇතුන් ආරක්ෂා කිරිමට නිසි සැලසුමක් අවශ්‍ය බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.