Wednesday, May 22, 2024

General line - 0115112241

ඉන්දියාව ඉරාණයෙන් බොරතෙල් ආනයනය කිරීම සීමා කරයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාව, ඉරාණයෙන් සිදු කරන බොරතෙල් ආනයනය සීමා කිරිමට සූදානම් වනවා. විදෙස් වාර්තා පවසන්නේ අමෙරිකාවට සහය පළ කිරීමක් වශයෙන් ඉන්දියාව මෙම තීරණයට එළඹ ඇති බවයි. ඉරාණයෙන් සිදුක කරන බොරතෙල් ආනයනය සීමා කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පසුගියදා සිය මිත‍්‍ර පාර්ශික රටවලින් ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් ඉරාණය පැවසුවේ අමෙරිකාවේ මෙම තර්ජන සඳහා බිය නොවන බවයි.

කෙසේ වෙතත් එළඹෙන නොවැම්බර් මාසය වනවිට ඉරාණයෙන් සිදුකරන බොරතෙල් ආනයනය සීමා කිරිමට හෝ නතර කිරීමට සූදානම් වන ලෙස ඉන්දීය ඛණිජ තෙල් අමාත්‍යාංශය එරට ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන සඳහා දැනුම් දී ඇති බවයි. ඉරාණය සමග පවතින වෙළඳ සබඳතා අත්හරින ලෙසට අමෙරිකාව කළ ඉල්ලීමට ඉන්දියාව ප‍්‍රතිචාර දැක්වූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා පැවසුවේ.

එහෙත් ඉන්දියාව පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පනවන සම්බාධක සඳහා මිස අමෙරිකාවෙන් ඉරාණයට එරෙහිව පනවන සම්බාධක සඳහා ප‍්‍රතිචාර නොදක්වන බවයි.