Friday, January 10, 2025

General line - 0115112241

විජේවීර ඉල්ලා බිරිඳ අධිකරණයට එයි




ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහන විජේවීර ජීවතුන් අතර සිටීනම් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් ලබා දෙන ලෙස, ඔහු ගේ බිරිඳ වන චිත්‍රාංගනී ප්‍රනාන්දු අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටිනවා.

1989 වසරේ නොවැම්බර් මස 12 වනදා උලපනේ ප‍්‍රදේශයේදී රජයේ ආරක්‍ෂක අංශ මගින් සිය සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් අනතුරුව මේ දක්වා ඔහු සම්බන්ධයෙන් කරුණු කිසිදු අධිකරණයක් හමුවට ඉදිරිපත් කර නොමැති බවත් ඇය පෙත්සම මගින් පෙන්වා දි තිබෙනවා. සිය සැමියා අත්අඩංගුවට පත්ව මේ වනවිට වසර 29 ක කාලයක් ගෙවී ඇතත් ඔහු ජීවතුන් අතර සිටින්නේද? නැද්ද යන්න පිළිබදව පවා රජය විසින් තමාට නීත්‍යානුකූලව දැනුම් දී නොමැති බවයි පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන කේ එච් ජේ විජේදාස, හිටපු යුද හමුදාපතිවරයෙකු වන හැමිල්ටන් වණසිංහ සහ මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුලූ 11 දෙනෙක් නම් කර තිබෙනවා.