Wednesday, May 22, 2024

General line - 0115112241

ගිනි කන්දක් සක්‍රිය වෙයි: ගුවන් තොටුපල වැසීමෙන් පුද්ගලයින් 75000 ක් කොටුවෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දුනීසියාවේ පිහිටි  Agung ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් බාලි දුපතේ පිහිටි ගුවන් තොටුපල වසා දැමීමට එරට බලධාරීන් අද (29) තීරණය කරනු ලැබුවා.

ඉන්දුනීසියානු මාධ්‍ය සදහන් කරන්නේ  Agung ගිනි කන්ද පිපිරීමත් සමග මීටර් 2,500 ක් ඉහල අහසට අළු සහ දුමාරය විසිරි ගොස් ඇති බවයි. 

මේ හේතුවෙන් බාලි දුපත ආසන්නයේ ගුවන් ගමන් සිදුකිරීම අනතුරුදායක තත්ත්වයක් ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

ඉන්දුනීසියාවේ සංචාරක ආකර්ෂණය වැඩියෙන්ම දිනා සිටින බාලි දුපතට පැමිණ සිටින විදෙස් සංචාරකයින් 75,000 කට ආසන්න පිරිසක් යලි සිය රටවල් වලට යාමට නොහැකිව කොටුවී සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. 

බාලි දුපතේ ගුවන් තොටුපල වසා දැමීම හේතුවෙන් ගුවන් ගමන් 450 ක් පමණ මේ වන විට අවලංගු කර තිබෙනවා.

මෙම  Agung ගිනිකන්ද අවසන් වරට සක්‍රිය වී ඇත්තේ 1963 වසරේදී වන අතර එම අනතුරෙන් පුද්ගලයින් 1,100ක් මිය ගොස් තිබෙනවා.