Friday, January 10, 2025

General line - 0115112241

ගෝඨාභය පිළ 20 වැනි සංශෝධනය ගැන පතුරවන බොරු මතය

හේරත් ඒකනායක/ ජනක චන්දන




ඇතැම් පාර්ශව තමන් ගෙන එන විසි වැනි සංශෝධනයෙන් රට බෙදන බවට ව්‍යාජ මතයක් ගොඩනගිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෙන එ්මට සූදානම් වන පාර්ශව මෙවැනි ප‍්‍රකාශ සිදුකරමින් සිටින බවයි එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර නලින්ද ජයතිස්ස ප‍්‍රකාශ කළේ.

චීනය,  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බව කියන සිදුවීම පිළිබදව නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත කළ අනාවරණය සහ බැදුම්කර සිද්ධිය ගැනද මෙහිදී අදහස් පල කෙරුණා. තම පක්ෂය ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් මන්ත්‍රීවරුන් මුදලට ගෙන ජාවාරම්කාරයෙකුට ජනාධිපති විය හැකියැයි පැවසීම ප්‍රලාපයක් බවයි ඔහු පැවසුවේ. පවතින ක්‍රමයේ ජනාධිපතිවරයාව මුදලට ලබා ගැනීම පහසු බවයි ඔහු නිව්යෝක් ටයිම්ස් පුවත සිහිපත්කරමින් පැවසුවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීනයෙන් මුදල් ලබාදුන් බව කියන සිදුවීම පිළිබද විමර්ශන සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි ප‍්‍රකාශ කළේ.