Thursday, May 2, 2024

General line - 0115112241

එංගලන්තයේ හැරී කේන් ඉදිරියෙන්

සමන්ත කුමාර




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටය නිමා වනවිට ගෝල වාර්තා කළ කී‍්‍රඩකයින් අතර පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායමේ හැරී කේන්  සමත්ව සිටිනවා. ඔහු වාර්තා කර ඇති ගෝල සංඛ්‍යාව 5 ක්. පෘතුගාලයේ කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ සහ බෙල්ජියමේ රොමෙලූ ලූකාකු එහි දෙවන ස්ථානයේ රැදි සිටිනවා. ඒ, ගෝල 4 බැගින් වාර්තා කරමින්.
 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් දහසයේ වටය හෙට ආරම්භවීමට නියමිතයි. උරුගුවේ කණ්ඩායම සහ පෘතුගාලය හෙට තරග  බිමට පිවිසෙනවා. තවත් තරගයකදි ප‍්‍රංශය සහ ආර්ජන්ටිනාව තරග වැදීමට නියමිතයි. මෙවර තරගාවලියේ දහසය දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ එකම ආසියානු කණ්ඩායම වන්නේ ජපානයයි. ඔවුන් එළඹෙන සදුදා බෙල්ජියම සමග තරග වැදීමට නියමිතයි.