මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ චීන ජාතික කාන්තාවක් ඊයේ (03) දින රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම 35 හැවිරිදි චීන කාන්තාව ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු සමග විවාහ වී වසර 12 ක පමණ කාළයක් මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින්නියක්.
ඇය ඊයේ දින රාත්‍රී 11.30 ට පමණ තායිලන්තයේ බැංකොක් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත' ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී, ඇයගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ මෙම මැණික් තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණා.
එහි විශාල මැණික් කැට 18 ක් සහ කුඩා ප්‍රමාණයේ මැණික් කැට පාර්සල් 13 ක් ද තිබූ අතර, එම මැණික් තොගයේ වටිනාකම රුපියල් 48,64,777 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
රේගු අධිකාරී එස්. රවිකුමාරන්, සහකාර රේගු අධිකාරීවරුන් වන කේ.ඒ.ආර්.ඒ.ආරියසේන , එස්.ඒ.බී. ආනට්, බී.එම්.ආර්. සිරිල් සහ පී.එච්.ඩී.පී.චන්ද්‍රසිරි යන නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.