හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ති‍්‍ර චමල් රාජපක්ෂ අද (04) ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ නිල කාර්යාලයට පැමිණියා.
ඒ, අද පැවැත්වෙන විශේෂ උත්සවයක් සඳහායි.
පළාත් සභා නියෝජිතයින් පිරිසක් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබෙනවා.
බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ නිල කාර්යාලයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැමිණි පළමු අවස්ථාව මෙයයි. මෙම අවස්ථාව සඳහා ඒකාබද්ධ විපක්ෂයට සහය දෙන මන්ති‍්‍රවරුන් පිරිසක්ද එක්ව සිටියා.
මෙම උත්සවයේදී මේ දක්වා පළාත් සභා නියෝජිතයින් 21 දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.
උත්සවයේ කටයුතු මේ වනවිටද සිදුවෙමින් ඇති බවයි එය ආවරණය කරන නෙත් නිවුස් වාර්තාකරු තුෂාර දිල්ෂාන් පැවසුවේ.