Wednesday, May 15, 2024

General line - 0115112241

අගමැති හමුවන්නට විජයකලා ඇවිත් නැහැ

තරංග රුක්ෂාන් ජයසේකර/ ලහිරු කපුගේ




රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් අද (04) දිනයේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය වෙත කැඳවා තිබුණද මධ්‍යහනය තෙක්ම ඇය පැමිණ නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණා. අද උදෑසන 06.25 නෙත් නිවුස් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ අද දිනයේ පැමිණෙන ලෙසට දැනුම් දුන් බවයි.

ඒ, එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි. 

අග‍්‍රාමාත්‍යවරයා සමග පැවැත්වෙන එම හමුවෙන් පසු ඇය සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ. රාජ්‍ය අමාත්‍යවරියගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කිරීමට සූදානම් බව අග‍්‍රාමාත්‍යවරයාද ප‍්‍රකාශ කර තිබෙනවා. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරිය සහ අග‍්‍රාමාත්‍යවරයා අතර හමුව පාර්ලිමේන්තුවේදී වුවද සිදුවිය හැකි බවයි.