Thursday, May 2, 2024

General line - 0115112241

සුරාබදු පනත අනුව නඩු දාන්න බාධාවක් පොලිසියට නැහැ - ගම්පහ අධිකරණයෙන් තීන්දුවක්

ටෝනි කරුණානායක




සුරාබදු නිලධාරීන් නොමැතිව පොලිස් නිලධාරීන්ට නීති විරෝධි මත්පැන් ජාවාරම් පිළිබඳ වැටලීම් සිදු කිරීමට හා එම සැකකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පවත්වාගෙන යාමට බලය ඇති බව ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (04) තීන්දු කළා. ගම්පහ අතිරේක මහේස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මෙම තීන්දුව ලබාදුන්නේ ගම්පහ පොලිසිය මගින් නීති විරෝධි මත්පැන් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ගොනු කළ මූලික විරෝධතාවක් සැලකිල්ලට ගනිමින්. 

අදාළ නඩුවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් පොලිසියට අධිකරණයේ නඩු පැවරිය නොහැකි බවට මීට පෙර මූලික විරෝධතා ගොනු කර තිබුණා. පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ඊට ප‍්‍රතිවිරුද්ධව අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා. ඒ අනුව විත්ති පාර්ශවයේ විරෝධතාව ප‍්‍රතික්ෂේප කරමින් පොලිසියට සුරාබදු පනත ප‍්‍රකාරව නඩු පැවරීමේ බලය ඇති බවයි ගම්පහ අතිරේක මහේස්ත‍්‍රා මංජුල කරුණාරත්න මෙහිදී තීන්දු කළේ.