Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලනිපයට නව සංවිධායකයින් දෙදෙනෙක් (PHOTOS)




හොරොව්පතාන සහ අම්පාර යන ආසන සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද නව ආසන සංවිධායකවරුන් පත් කළා. ඒ අනුව හොරොව්පතාන නව ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායකයි.

අම්පාර ආසනයේ නව ආසන සංවිධායකවරිය ලෙස රාජ්‍ය අමාත්‍ය ශ‍්‍රියාණි විජේවික‍්‍රම පත් කෙරුණා. ඔවුන් ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් අද පස්වරුවේ පත්වීම් ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.