Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලන්කන් වෙත අලුතින් යෝජනා දෙකක්




ගුවන් යානා ඉන්ධන සඳහා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති රුපියල් මිලියන 800 ක ණය මුදල කොටස් වශයෙන් ගෙවීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එකග වී තිබෙනවා. 

දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකගතාවට පැමිණි බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද  අදහස් පළ වුණා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න,

"නොයෙකුත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වලින් ආවා යෝජනා..ඒ ආවට තාම ඒ එකක්වත් හරියට අවසන් වෙලා නෑ. දැනටත් තියෙනවා අලුතෙන් යෝජනා දෙකක් ඇවිත්. ඒ දෙකත් දැන් සලකා බලාගෙන යනවා. මේක ජාතික ගුවන් යානය..අපිට මෙම සේවය නවත්වන්න බෑ. ජාතික ගුවන් යානය විනාශ කළේ පසුගිය කාලයේ."