Thursday, May 2, 2024

General line - 0115112241

"විගණන පනත ආයුධයක්" - අද පාර්ලිමේන්තුවේදී විවාදයට

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




ජාතික විගණන පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.

පෙරවරු 11.00 සිට පස්වරු 06.30 දක්වා එම විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් ඉකුත් අපේ‍්‍රල් මස 04 වැනිදා මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

වත්මන් යහපාලන ආණ්ඩුවේ ප‍්‍රධානතම පොරොන්දුවක් වූ ජාතික විගණන පනත අද දිනයේ විවාදයට ගෙන සම්මත කර ගැනීම ඓතිහාසික අවස්ථාවක් වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

ජාතික විගණන පනත සම්මත කර ගැනීම තුළින් මහජනතාවට අත්වන ප‍්‍රතිලාභ මොනවාදැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පැහැදිලි කළා.

"බදු ගෙවන ජනතාවගේ මුදල්..ඒ වගේම පොදු සම්පත් ආරක්ෂා වෙන්න වගේම ඒවා හරියට පරිහරනය කරන්න මේ විගණන පනත ආයුධයක් වෙනවා. අලාභ දූෂණ ඇතිවෙලා තියෙනවානම් ඒ  නිලධාරීන් වගකිවයුතු වනවා මෙම පනත හරහා. ඒ වගකීම වැඩි කරලත් තියෙනවා."

ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට අද දිනයේ සංශෝධන කිහිපයක් ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ සූදානමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

කල් ගතවී හෝ ජාතික විගණන පනත ගෙන ඒමට හැකිවීම පිළිබඳ සතුටට පත්වන බවයි ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ.