Sunday, December 22, 2024

General line - 0115112241

බැඳුම්කර කොමිසමේ සැඟවුණු තොරතුරු ගන්න ලොකු උත්සහයක්




බැඳුම්කර කොමිසමේ මෙතෙක් හෙළි නොකළ ලේඛන ලබාගැනීම සඳහා තවදුරටත් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසනවා.

එහි විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් පැවසුවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) ප‍්‍රසිද්ධ කරනු ලැබූ සී - 350 ඇමුණුමේ පිටු 139න් ප‍්‍රසිද්ධියට පත්කර ඇත්තේ පිටු 127ක් පමණක් බවයි.

අදාළ ඇමුණුමේ වැදගත් තොරතුරු ගණනාවක් එලෙස සඟවා ඇති බවද කිර්ති තෙන්නකෝන් පෙන්වා දුන්නා.