Friday, May 3, 2024

General line - 0115112241

විජයකලාගේ ප්‍රකාශයේ අරමුණ සමස්ත ලංකා හින්දු සම්මේලනය හෙළිකරයි

හේරත් ඒකනායක




එල්. ටී. ටී. ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය හෙළා දකින බව සමස්ත ලංකා හින්දු සම්මේලනය පවසනවා.

එහි සභාපති එන්. අරුන්කාන්තන් පැවසුවේ එය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද උපක‍්‍රමශීලි ප‍්‍රකාශයක් බවයි. 

මේ අතර රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඊයේ (04) පස්වරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසුණා. ඒ, අරලියගහ මන්දිරයේදීයි. කොළඹට පැමිණ වහාම තමා හමුවන ලෙස අග‍්‍රාමාත්‍යවරයා කළ දැනුම් දීමක් අනුවයි රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් එලෙස අග‍්‍රාමාත්‍යවරයා හමු වුණේ.