චීනය, ශී‍්‍ර ලංකාව ණය උගුලක සිර කරන බවට අමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඉකුත්දා පළ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් චීන රජය ප්‍රතිචාර දක්වා තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන ලූ කෑන් කියාසිටියේ මෙම වාර්තාව කිසියම් යටි අරමුණක් ඇතිව පළ කර ඇති එකක් බවයි. ශී‍්‍ර ලංකාව හෝ වෙනත් කිසිදු රටක් ණය උගුලක සිර කිරීමට චීනය කටයුතු නොකරන බවද මෙහිදී අවධාරණය කෙරුණා.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් පළ කෙරුණු වාර්තාවේ විශේෂයෙන් කරුණු දක්වා ඇත්තේ හම්බන්තොට වරාය සදහා චීනය ලබාදුන් ණය ආධාර පිළිබදවයි. එහෙත් හම්බන්තොට වරාය ඉදිකෙරුණේ ශී‍්‍ර ලංකාවේ රජයන්ගේ සහ ශී‍්‍ර ලාංකීය ජනතාවගේ අභිලාශයන්ට අනුව බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා පැවසුවා. චීන රජය එහිදී සිදුකළේ දෙපාර්ශවයටම සමාන වාසි හිමිවන පරිදි ව්‍යාපාරික නීති පිළිපදිමින් ඒ සදහා අයෝජනය කිරීමට චීන ආයෝජකයන් දිරිගැන්වීම බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ. හම්බන්තොට වරාය යුද කටයුතු සදහා යොදා ගැනිමට අදහස් නොකරන බවද මෙහිදී අවධාරණය කෙරුණා.