Wednesday, May 15, 2024

General line - 0115112241

කරාපිටිය රෝහලේ සායනික අපද්‍රවය ගොඩ ගැසිලා

ලලිත් චාමින්ද - ගාල්ල




කරාපිටිය ශික්‍ෂණ රෝහලෙන් බැහැර කෙරෙන සායනික අපද්‍රව්‍ය සති දෙකක් පමණ තිස්සේ රැගෙන ගොස් නැතැයි නෙත් නිවුස් වෙත තොරතුරක් ලැබුණා. මේ නිසා රෝහල් පරිශ‍්‍රය තුළ සායනික අපද්‍රව්‍ය සහිත මළු ගොඩගැසී ඇති බවයි එහි ගිය නෙත් නිවුස් වාර්තාකරු කියාසිටියේ. 

සායනික අපද්‍රව්‍ය රෝහල් පරිශ‍්‍රය තුළ මෙලෙස ගොඩගැසීම නිසා පාරිසරික ගැටළුද ඇතිවෙමින් තිබෙනවා. රෝගීන්ගේ සෞඛ්‍යයටද මෙමගින් තර්ජන ඇති වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය රැගෙනයාම පෞද්ගලික ආයතනයකට පවරා තිබෙනවා. ඔවුන් රැගෙන යන අපද්‍රව්‍ය සදහා කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 67 බැගින් මුදලක්ද අය කරන බවයි නෙත් නිවුස් කළ වැඩිදුර සොයාබැලීමකදී හෙළි වුණේ. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායකගෙන්ද විමසීමක් කළා. ඔහු පැවසුවේ වගකීම පවරා ඇති පෞද්ගලික ආයතනය සායනික අපද්‍රව්‍ය රැුගෙන නොයාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇති බවයි. රෝහල් පරිශ‍්‍රය තුළ සායනික අපද්‍රව්‍ය ගොඩගැසීම ගැටළුවක් බවද ඔහු පිළිගත්තා.