Tuesday, May 14, 2024

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

තුෂාර රත්නායක / සජිත් තිලකරත්න




අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දමා තිබෙනවා. 

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 8කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු7කින්, ඩීසල් ලීටරයක් රු:9කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු:10 කින් ඉහල දමා තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල ලෙස සටහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.145, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.155,  ඩීසල් ලීටරයක් රු.118 ක් සහ සුපර් ඩීසල් ලීටරයක්රු.129 ක් ලෙසයි.

නව ඉන්ධන මිල සුත්‍රයට අනුව මාස දෙකකට වරක් ඉන්ධන මිල සංශෝධනය කරනු ලබනවා. ඒ අනුව මෙලෙස මිල වැඩිවීමට හේතුව අමෙරිකානු ඩොලරයේ මිල ඉහල යාම සහ බොරතෙල් බැරලයක මිල ඉහළ යාමත් බවයි මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් නෙත් නිවුස් වෙත කියා සිටියේ.


ඉන්ධන මිල මෙලෙස වැඩි කෙරෙන බව නිල වශයෙන් නිවේදනය කෙරුණේ ඊයේ රාතී‍්‍ර 10ද පසුවිය.