Wednesday, May 15, 2024

General line - 0115112241

LIOC යත් ඉන්ධන මිල වැඩි කරයි

ඩිල්ෂාන් මඩවල




ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද ඊයේ (05) මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල වැඩි කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අද සිට රුපියල් 146කට අලෙවි කරන බවයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසුවේ. කෙසේවෙතත් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 145කටයි.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ එක්ස්ට‍්‍රා පී‍්‍රමියම් යුරෝ තී‍්‍ර පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 149ක්ද, එක්ස්ට‍්‍රා පි‍්‍රමියම් ඔක්ටේන් 95 යුරෝ ෆෝ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 158ක්ද වනවා. කෙසේවෙතත් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 155ක්.

ඉන්දියන් ඔයිල් සමාගම ඔටෝ ඞීසල් ලීටරයක් දැන් අලෙවි කරන්නේ රුපියල් 118ටයි. යුරෝ ෆෝ සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 129ක් වනවා. ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඞීසල් සහ සුපර් ඞීසල් මිලද මීට සමානයි. ඉන්දියන් ඔයිල් සමාගමේ ඞීසල් එක්ස්ට‍්‍රා මයිල් ලීටරයක මිල රුපියල් 122ක් වනවා.