Sunday, December 22, 2024

General line - 0115112241

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ. ඉන්දික අභාවප්‍රාප්ත වෙයි




එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. ඊයේ (06) රාත්‍රියේ කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 51 වන වියේ පසුවිය. වී.කේ ඉන්දික මහතා 2015 වසර වන තෙක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඔහු 1990  වසරේදී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්ව 2009 වසර දක්වා අවස්ථා කිහිපයකදී පළාත් අමාත්‍ය ධුරයන් රැසක ද කටයුතු කළ අයෙකු වේ.