Thursday, May 2, 2024

General line - 0115112241

තායිලන්ත උමං මෙහෙයුමේදී එක් අයෙක් මරුට

දිනුක් හේවාවිතාරණ




තායිලන්තයේ උමං ගුහාවේ සිරවී සිටින ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ගලවා ගැනීමේ මෙහෙයුම් හි නිරතව සිටි තායිලන්ත නාවික හමුදාවේ විශේෂ කිමිදුම් බලගණයේ හිටපු නිලධාරියෙකු ඔක්සිජන් අවම වීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

සමරන් කුනාන් නම් වූ මෙම නාවික හමුදාවේ කිමිදුම්කරුවා අවුරුදු 37 ක් වන අතර දැනට කොටුවී සිටින ළමුන් ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා අවශ්‍ය කරනු ලබන ඔක්සිජන් ටැංකි රැගෙන ගොස් වැසි ජලයෙන් යටවී තිබෙන උමඟ ආශ්‍රිතව ස්ථානගත කිරීමේ මෙහෙයුම් වල ඔහු නිරතව සිට ඇත. 

ඒ අතර වාරයේදී ඔහු ගේ ඔක්සිජන් ටැංකියේ තිබු ඔක්සිජන් අවසන්වීම හේතුවෙන් ඔහු මියගොස් තිබෙනවා. 

ගලවා ගැනීමේ මෙහෙයුම්  සඳහා දායකත්වය ලබා දීම සඳහා ස්වේච්ජා කිමිදුකරුවන් රැසක් මේ සඳහා දායකත්වය ලබාදී ඇති අතර මියගිය සමරන් කුනාන් ද එලෙස සිය සහයෝගය ලබා දීමට පැමිණි අයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දැනට තායිලන්තයට මෝසම් වැසි සක්‍රිය වී ඇතිවීම පටන් ගෙන ඇති අතර උමං ගුහාව තුල සිරවී සිටින ළමුන් ඇතුළු ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරා ගැනීමේ මෙහෙයුම් සිදුකරනු ලබන නිලධාරින් සඳහන් කරන්නේ උමග තුලට ජලය පරිමේ අවධානමක් දැන් දැන් මතුවෙමින් පවතින බවයි.