Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්ධන මිල ඉහළ දැමූ පැය කිහිපයේ ඉන්ධන ලබාගත් අයට වැඩිපුර ගත් මුදල් ආපසු ලැබෙයි?

ඩිල්ෂාන් මඩවල




ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට කෙරුණු මිල වැඩිකිරීම නොසලකා හැර පැරණි මිලටම ඉන්ධන අලෙවි කරන්නැයි ජනාධිපතිවරයා ලංකා ඛණිජ තෙල් සංස්ථාවට උපදෙස් ලබා දි ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී අද කියා සිටියා. එහෙත් ඒ සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

මිල වැඩි කිරීම සිදු කෙරුණේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බැවින් එතැන් සිට මේ දක්වා වැඩි මිලට ඉන්ධන මිලට ගත් තැනැත්තන්ට වැඩිපුර ගෙවූ මුදල් ආපසු ලබා දෙන්නේදැයි ඔහුගේ පළමු ප්‍රශ්ණය වුණා. මිල වැඩිකිරීම සහ පැරණි මිලටම ලබා දීමට කළ නියෝගයට කැබිනට් අනුමැතිය තිබේද යන්න මතු කෙරුණු දෙවන ප්‍රශ්ණයයි. ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසු ජනාධිපතිවරයා පැරණි මිලටම ඉන්ධන අලෙවි කරන්නැයි නියෝග කරන්නේ කෙසේදැයි යන්න ඔහුගේ තුන්වන ප්‍රශ්ණය වුණා.

කතානායක කරු ජයසූරිය මහතා එහිදී කියා සිටියේ මෙම ප්‍රශ්ණ ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයාට යොමු කළ යුතු බවයි. ඒ සඳහා කටයුතු කරන්නැයි කතානායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට උපදෙස් ලබා දුන්නා.