විශිෂ්ට ජනමාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පළමු වරට සංවිධානය කරන ‘ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල - 2018’ සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
මෙම සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ලබන දෙසැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිත අතර පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනී සහ වෙබ් යන මාධ්‍යයන් හී සේවය කරන දක්ෂ, නිර්මාණශීලී ජනමාධ්‍යවේදීන් අගයමින් එහිදී සම්මාන පිරිනැමෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.
වසරේ ප්රශස්ත ප්රවෘත්ති වාර්තාව, වසරේ ප්රශස්ත ඡායාරූපය, වසරේ ප්රශස්ත තීරු ලිපිය, වසරේ ප්රශස්ත කාටුන් නිර්මාණය, ප්රශස්ත පිටු සැලසුම, ප්‍රශස්තම විශේෂාංග ලිපිය, ප්රශස්ත විමර්ශනාත්මක පුවත, වසරේ ප්රශස්ත ප්රවෘත්ති නිවේදනය, ප්රශස්ත වැඩසටහන් ඉදිරිපත් කිරීම, ප්රශස්ත ගවේෂණාත්මක වැඩසටහන, වාර්තා වැඩසටහන, ප්රශස්ත සංවාදාත්මක වැඩසටහන, ප්රශස්ත වෙබ් අඩවිය, මතු ප්‍රාර්ථනා සහිත මාධ්‍යවේදියා ආදී අංශ යටතේ සම්මාන 50ක් සහ යාවජීව සම්මාන හතරක් ඇතුළුව සම්මාන 54 ක් මෙහිදී පිරිනැමීමට නියමිතය.
සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා මාධ්‍ය යටතේ මේ සඳහා වෙන වෙනම නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර නිර්මාණ බාරගැනීම 2018 අගෝස්තු 13 වැනි දා සවස 4.00ට අවසන් වේ.
ඒ සඳහා වන අයදුම්පත් සහ වැඩි විස්තර www.media.gov.lk සහ www.pma.gov.lk වෙබ් අඩවිවලින් ලබාගත හැක. පසුගිය වසරේ ජනවාරි 1 වැනි දා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දේශීය මාධ්‍යවල පළවූ සහ විකාශයවූ ප්රවෘත්ති හා වැඩසටහන් මේ සඳහා ඉදිරිපත් කළ හැකි අතර එක් අයදුම්කරුවකුට සම්මාන කිහිපයක් සඳහා අයදුම් කළ හැකි අතර එක් සම්මානයක් සඳහා ඉදිරිපත් කළ හැක්කේ ප්රවෘත්ති හෝ වැඩසටහන් තුනක් පමණි.
එම අයදුම්පත් අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්), මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ගෙනැවිත් භාරදීමට හැකි අතර 0112513644 (අධ්යක්ෂ - සංවර්ධන) හෝ 0112513451 (සහකාර ලේකම් - සංවර්ධන) යන දුරකථන අංකයන්ගෙන් වැඩිදුර විස්තර ලබාගත හැක.