වෙබ් අඩවි සහ සමාජජාල මාධ්‍ය වාරණය කිරීමට සිය රජය කිසිලෙසකින් හෝ පියවර නොගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. වෙබ් අඩවි සහ සමාජ ජාල මාධ්‍ය නිවැරදිව භාවිත කරන පරපුරක් බිහිවිය යුතු බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියාසිටියේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ නිදහස් කවදාවත් වැඩි නොවන බවත් එය කවදාවත් අපි අඩු කරන්න හොද නැහැ. එයට මුහුණ දෙන්න පුළුවන් තරුණ පරම්පරාවක් අපි අධ්‍යාපනය තුලින් හදන්න ඕනේ. වෙබ් අඩවි තහනම් කරන්න නෙමෙයි වෙබ් අඩවි මගින් ජනතාවට යහපතක් උදාකර දෙන පරම්පරාවක් අපි බිහිකරන්න කටයුතු කරන්න ඕනේ යනුවෙන් සඳහන් කර සිටියා.