නිල කාලය අවසන් වී ඇති නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවන සේ නෛතික අවශ්‍යතා සම්පූර්ණ කිරිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ලිපියක් යොමුකර තිබෙනවා. පිළිගත් දේශපාලන පක්ෂවල නායකවරුන් සහ එහි නිලධාරීන් වෙත අදාළ ලිපිය යොමුකර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
පළාත් සභා ඡුන්ද විමසීම පැවැත්වීම සදහා අවශ්‍ය නෛතික වාතාවරණය නිසි ලෙස ඇති කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව එමගින් පෙන්වා දි තිබෙනවා.
මේ අතර පළාත් සභා මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයේදී දේශපාලන පක්ෂ නියෝජිතයන් විවිධ අදහස් පළ කළා. එම තොරතුරු අලලා නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් දැන්.