Sunday, December 22, 2024

General line - 0115112241

තැපැල්පති මාරුවෙන් සේවකයෝ යළි කැළඹෙයි




තැපැල්පති රෝහණ අබේරත්නගේ ස්ථාන මාරුවත් සමග තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානමක් ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසනවා. රජය පොරොන්දු වූ පරිදි සිය ඉල්ලීම්වලට විසදුම් ලැබීමද මේ හේතුවෙන් ප‍්‍රමාද විය හැකි බවයි ඔවුන් පවසන්නේ. ඒ පිළිබද කරුණු දැක්වූ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර පෙන්වා දෙනවා.

"මේ අරගලය අවුරුදු 12ක් පැවතුනා. එතනදි වැඩිම කාලයක් සහ විසිඳුම් ලබාදීමට කැමැත්ත පලකරන තෙක් සිටි තැපැල්පතිවරයත් මොහුයි. මේ තැපැල් පතිවරයට තමයි මේ විසඳුම් ක්‍රියාවට නන්වන්න සුදුසුම කෙනා. එහෙම අවස්ථාවකදී ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට හදිසියේම මාරු කරනව."


එවැනි තත්ත්වයක් මතුවුවහොත් නැවත වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළැඹීමට සිදුවනු ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.