ඉන්ධන සදහා මිළ සූත‍්‍රයක් කි‍්‍රයාත්මක කිරීම අඛණ්ඩව සිදුකිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. ඒ පිළිබද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ මනා ආර්ථික කලමණාකරණයක් ඇති රටවල මෙය සිදුවන බවයි. මෙසේ මිල සූත්‍රය මසකට වරක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් එය ජනාධිපතිවරයාද දන්නා බවත් ඔහු මෙහිදී පැවසුවා. සතියකට වරක් මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඉන්ධන මිළ සූත‍්‍රය කි‍්‍රයාත්මක කිරීමෙන් ජනතාවට සාධාරණත්වයක් ඉටුවන බවද රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නා.