Sunday, December 22, 2024

General line - 0115112241

කොළඹ ගෙවල් බිඳින සොර මුළක් අල්ලයි




නිවාස හා වෙළද සැල් බිද දේපළ සොරකම් කිරීම සහ යතුරුපැදි සොරකම් කිරීම් රැුසකට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් කෝට්ටේ, පිටකෝට්ටේ සහ හෝකන්දර ප‍්‍රදේශවලදි අත්අඩංගුවට ගැණුනු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

සැකකරුවන් කොළොන්නාව රජමහා විහාරයේ සංඝාවාසය බිඳ දේපළ සොරා ගැනීම සහ මිරිහාන, අතුරුගිරිය, තලංගම, බියගම යන ප‍්‍රදේශවල සොරකම් කිරීම් රැසක් සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. අවුරුදු 18, 19 හා 24 යන වයස්වල පසුවන සැකකරුවන් කෝට්ටේ, පිටකෝට්ටේ සහ හෝකන්දර ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් අද ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.