Sunday, December 22, 2024

General line - 0115112241

ධිවරයින් සොයා දෙන්නැයි ඉල්ලා ගාල්ලේ විරෝධතා (UPDATE)

දිලිප් නිශ්ශංක




ධීවර විරෝධතාවක් හේතුවෙන් කොලඹ ගාල්ල ප‍්‍රධාන මාර්ගය හික්කඩුව හික්කඩුව, වැරැල්ලාන ප‍්‍රදේශයෙන් අද (07) අවස්ථා දෙකකදී අවහිර වුණා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සදහා මුහුදු ගොස් අතුරුදන්ව සිටින ධිවරයන් හත් දෙනෙකු සොයා දෙන ලෙස බලධාරීන්ට බලකරමින්. 

පසුගිය මස 14 වනදා මුහුදු ගොස් ඇති එම ධීවරයන් පිළිබද මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවත් ඒ පිළිබද බලධාරීන් දැනුවත් කළද කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවයි විරෝධතාවයේ නිරත ධීවරයන් පැවසුවේ. 

 

මේ අතර අතුරුදන්වූ ධීවරයින් 07දෙනා සෙවීමට ඉන්දීය හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බවයි ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ.


................................................................................................................................

ගාල්ලෙන් මුහුදු ගිය යාත්‍රාවක් 7ක් සමග අතුරුදහන්

(07-07-2018 11:10)

ගාල්ල වරායෙන් මුහුදු ගිය ධීවර යාත‍්‍රාවක් අතුරුදන්වී ඇති බවට මීටියාගොඩ පොලීසියට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. පසුගිය මස 14 වනදා අතුරුදන් වි ඇති යාත‍්‍රාවෙන් පුද්ගලයන් හත් දෙනෙකු ධීවර කටයුතු සදහා මුහුදු ගොස් ඇති බවයි ඔවුන්ගේ ඥාතීන් පොලීසියට දන්වා ඇත්තේ.

මෙලෙස අතුරුදන්ව සිටින්නේ හික්කඩුව, තෙල්වත්ත සහ තොටගමුව ප‍්‍රදේශවල පදිංචි ධීවරයන් පිරිසක්.