එල් ටී ටී ඊ ය යළි ගොඩනැගිය යුතු බවට කළ ප්‍රකාශය හේතුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයකලා මහේෂ්වරන්ගේ මන්තී‍්‍ර ධුරයද අහිමි විය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. එසේ නොවුනහොත් නීතිය එක් එක් පුද්ගලයන්ට වෙනස් අයුරින් කි‍්‍රයාත්මක වන බවක් හැගීයනු ඇතැයි මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නා.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන කළමණාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගෙන් විමසීමක් කළා. ඔහු පැවසූවේ ඕනෑ කෙනෙකු මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්නේනම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ හැකි බවය.
මේ අතර ඇතැම් දේශපාලන පක්ෂ පෙන්වා දුන්නේ විජයකලා මහේෂ්වරන්ට මෙන්ම ව්‍යවස්ථා විරෝධි ප්‍රකාශ සිදුකරන උතුරේ සෙසු නායකයන්ටද නීතිය කි‍්‍රයාත්මක විය යුතු බවයි.