Sunday, December 22, 2024

General line - 0115112241

ජපානයට අධික වැසි : මරණ සංඛ්‍යාව 38 ක් දක්වා ඉහළට (VIDEO)

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජපානයේ මධ්‍යම හා බටහිර කලාපයට ඇදහැලෙමින් ඇති දැඩි වර්ෂාපතනය හා ඒ හමුවේ බලපා ඇති ජල ගැලීම් හේතුවෙන් මේවනවිට පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් අතර පාලමක් මත සිටියදි ගගකට ඇදවැටුනු පුද්ගලයෙකුද වන බවයි විදෙස් වාර්තා පැවසුවේ. අතුරුදන්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 50කට අධිකයි. 

නායයාම් සහ වෙනත් ආපදා හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් පිරිසක්ද රෝහල් ගත කර ඇති අතර ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි ජපන් මාධ්‍ය පැවසුවේ. වර්ෂාපතනය සහ ජල ගැලීම් තවදුරටත් තීව‍්‍ර වනු ඇති බවට කාලගුණ අංශ අනතුරු ඇඟවීම් නිකුත් කළා. 

ඒ අනුව පුද්ගලයින් මිලියන 1.6ක් පමණ මේවනවිටත් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. නායයාම් සහ ජල ගැලීම් හටගනු ඇතැයි අපේක්ෂා කරන ප‍්‍රදේශවල වෙසෙන තවත් මිලියන 3කට පමණ සිය වාසස්ථාන වලින් ඉවත් වන ලෙසට පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව බලධාරීන් සඳහන් කළා.