එල් ටී ටී ඊය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් කළ ප‍්‍රකාශයට විරෝධය පාමින් බේරුවල නගරයේදී අද (07) විරෝධතාවක් පැවැත්වුණා. විරෝධතාවට එක්වූ බේරුවල ප‍්‍රදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මෙලෙස අදහස් පළ කළා.
මේ අතර ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට සිය මන්තී‍්‍ර ධූරයද අහිමිවනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. හම්බන්තොට ප‍්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව ප‍්‍රකාශ කළා.
හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් කළ ප‍්‍රකාශය පිළිබඳ අමාත්‍ය දයා ගමගේද අද අදහස් පළ කළා.