ජාතික සංහිදියාවට බාධා කරන හා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරනු ලබන කිසිදු දේශපාලඥයෙක්ට, විශ්‍රාමික හමුදා නිලධාරීන්ට හා සිවිල් ක්‍රියාකාරීන්ට කිසිම අයුරකින් යුධ හමුදා කඳවුරු තුලට ඇතුල් වීමට ඉඩ නොදෙන මෙන් හා ඔවුන් විසින් සංවිධානය කරනු ලබන උත්සව සඳහා සහභාගිවිමක් කිසිදු ආධාර අනුබලදීමක් හෝ අනුග්‍රහයක් නොදක්වන මෙන් සියලුම හමුදා නිලධාරින් හට යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නියෝග කර තිබෙනවා.
වසර 30 කට ආසන්න කාලයක් පැවති යුද්ධය නිමා කරමින් ශ්‍රී ලංකාවට සාමය උදාකර දීම සඳහා යුධ හමුදාව මහත් පරිශ්‍රමයක් දැරූ බවත් එහිදී අති විශාල ජිවිත සංඛ්‍යාවක් යුධ හමුදාවට අහිමි වූ බවත් තවත් විශාල පිරිසක් යුධ බිමේදී ලද තුවාල හේතුවෙන් පුර්ණ කාලීනව අබාධිත තත්ත්වයට පත්වුනු බවයි.
යුද්ධය නිමවීමෙන් පසු රජයේ මුලික පරමාර්ථය වූ රට තුල සංහිදියාව පණගැන්වීම සඳහා යුධ හමුදාව විශාල දායකත්වයක් ලබා දෙමින් කටයුතු කරන අතරම ඒ තුලින් උතුර සහ නැගෙනහිර ජනතාවගේ හොද හිත දිනාගනිමින් ඔවුන්ගේ ප්‍රශ්න රාශියකට විසදුම් ලබා දීමට හැකිවූ බව යුධ හමුදාපතිවරයා සඳහන් කරනවා.
නමුත් ඇතැම් දේශපාලකයින්, විශ්‍රාමික හමුදා නිළධාරින් සහ ඇතැම් සිවිල් ක්‍රියාකාරීන් විසින් රජය හා යුධ හමුදාව ගෙන යන සංහිදියා වැඩපිලිවල විවේචනය කරමින්, ත්රස්තවාදීන්ගේ ක්‍රියා අගය කරමින් සාමයට ලැදි උතුර සහ නැගෙනහිර ජනතාව තුල රජය සහ යුධ හමුදාව පිලිබඳ ඇති විශ්වාසය පළුදු වන අයුරින් දේශන පවත්වන බවත් ඒ තුලින් එම ජනතාවගේ සිත් තුල යුද්ධයේ විෂබීජ පතුරවමින් සිටින බවට හමුදාපතිවරයා චෝදනා කරන අතර එම කටයුතු කරන පුද්ගලයින් කවුරුන්ද යන්න ගැන මේ වන විටත් මාධ්‍ය හරහා හෙළිදරව් කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.