දෙමළ ජනතාවගේ ගැටලූ ඉදිරිපත් කිරීමේදී දෙමල දේශපාලඥයින් ජාතිවාදීන් ලෙස හඳුන්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසනවා. පලාලිහි පැවැති උත්සවයකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.
සිය ගැටලූ ඉදිරිපත් කිරීමට යාමේදී ඇතැමුන් තමන් එල් ටී ටී ඊ සංවිධානයේ බවට චෝදනා කරන බවයි හිටලූ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ. තමන් සිය ජනතාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යධූරයද අත්හළ බව ඇය මෙහිදී ප්‍රකාශ කළා.
පලාලියේ පැවැති මෙම උත්සවයට රාජ්‍ය අමාත්‍ය දයා ගමගේද එක්ව සිටියා. විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය අමාත්‍යවරිය සිදු කළ ප්‍රකාශය පිළිබඳ අමාත්‍යවරයා මාධ්‍ය වෙත කරුණු දැක්වුයේ මෙලෙසයි.