රුපියල් මිලියන 1248ක් වටිනා හෙරොයින් තොගය මෙරටට ගෙන්වීමට සැලසුම් කළ පුද්ගලයා පිළිබඳ මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අදාළ මත්කුඩු තොගය සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (07) රාති‍්‍රයේ අත්අඩංගුවට ගැනුණේ ජීප් රථයකින් ගමන් කරමින් සිටියදීයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම වැටලීම සිදු කළා.
සැකකරුවන් දෙදෙනා කළුබෝවිල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ජීප් රථයේ තිබී හෙරොයින් පාර්සල් 30ක් සොයා ගැනුණා. අනතුරුව සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්ණ කිරීම්වලදී බත්තරමුල්ල ප‍්‍රදේශයේ ඔවුන්ට අයත් නිවසක තිබී හෙරොයින් පාර්සල් 66ක් සොයා ගෙන තිබෙනවා.
සොයා ගත් මුළු හෙරොයින් ප‍්‍රමාණය කිලෝග්‍රෑම් 103යි ග්‍රෑම් 948ක්.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගොඩබිමදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් ප‍්‍රමාණයද මෙය වනවා. මේ අතර අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධීකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මෙම හෙරොයින් තොගය මරණ දඩුවම නියමව වැලිකඩ බන්ධනාගාරයේ සිටින සුසෙයි නමැත්තා විසින් ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
-----------------------
ජීප් රථයෙන් හෙළි වූ මහා හෙරොයින් ජාවාරම
(08-07-2018 08:09)
රුපියල් මිලියන 1248ක් වටිනා හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් ඊයේ (07) රාති‍්‍රයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කළුබෝවිල ප‍්‍රදේශයේදී ජීප් රථයකින් යමින් සිටියදීයි.
ජීප් රථයේ තිබී පළමුව හෙරොයින් පාර්සල් 30ක් සොයා ගෙන තිබෙනවා.
අනතුරුව සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්ණ කිරීම්වලදී බත්තරමුල්ල ප‍්‍රදේශයේ ඔවුන්ට අයත් නිවසක තිබී හෙරොයින් පාර්සල් 66ක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ. සොයා ගත් මුළු හෙරොයින් ප‍්‍රමාණය කිලෝ ග්‍රෑම් 103යි ග්‍රෑම් 948ක්.