මුදල් අමාත්‍යාංශය විසින් 2018/07/05 දින නිකුත් කරන ලද ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා වන නිවේදනය අනීතික වන බැවින් 2018/7/06 දින වැඩි මිලට ඉන්ධන මිලදී ගත් පාරිභෝගිකයින්හට එම පාරිභෝගිකයින් ගෙවූ වැඩි පුර මුදල යළිත් ලබා දීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ,
"2018/07/05 දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව මෙරට ඉන්ධන පාරිභෝගිකයින්ට 2018/07/06 දින ඉන්ධන මිලදී ගැනීමට සිදුවූයේ මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මිල ගණන් අනුවය. එහෙත් 2018/07/06 දින දහවල් වන විට ඛණිජ තෙල් අමාත්‍යවරයා විසින් ඉන්ධන හල් සඳහා උපදෙස් ලබා දී තිබුනේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහල දැමීම සඳහා උපදෙස් ලබා දී නොමැති නිසා ඉන්ධන මිල ඉහළ නොදමන ලෙසය. අමාත්යංංශ දෙකක මෙම කඔ ඇදිල්ල නිසා අසරණ වූයේ මෙරට පාරිභෝගිකයින් බව අප සංවධානය ඔබ තුමා වෙත අවධාරණය කර සිටින අතර 2018/07/06 දහවල් වන විටත් වැඩි මිලට ඉන්ධන මිලදී ගැනීමට මෙරට පාරිභෝගිකයින්ට සිදුවූ බව දන්වමි. ඒ සිදුවීම පිළිබදව සළකා බලා මෙරට ප්‍රමුඛම පාරිභෝගික සංවිධානය වන අප සංවිධානය පහත යෝජනා ඔබතුමා වෙත ඉදිරිපත් කරන අතර අප රටේ යහපාලනයක් ස්ථාපිත කිරීම සඳහා වෙහෙසන ඔබතුමා ඒ පිළිබදව අවධානය යොමු කරනු ඇතැයි අප සංවිධානය බලා පොරොත්තුවෙමු." යනුවෙනි.
(එම සම්පූර්ණ වාර්තාව පහතින්)
(ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව යොමු කළ ලිපිය පහතින්)