අද (08) අලුයම එග්ගල්ඔයේ ඔරුව පෙරළීමෙන් අතුරුදන්ව ඇත්තේ පාසලක විනෝද චාරිකාවක් ගිය පිරිසක කිහිප දෙනෙකු බව පොලිසිය පවසනවා.
බදුල්ල කඳන සිරි සීවලී විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් පිරිසක් මෙලෙස විනෝද චාරිකාවක් සඳහා දමන ප්‍රදේශයට ගොස් අද (08) දින උදෑසන 6.45ට පමණ ඉන් 09 දෙනෙකු ඔරුවක නැග එග්ගල් ඔයේ යාත්‍රා කරමින් සිටියදී ඔරුව පෙරළී දියේ ගිලී ඇති අතර ඉන් 05 දෙනෙකු අවට ධීවරයින් විසින් බේරාගෙන තිබෙනවා.
අනෙක් 04 දෙනා දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.
අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 53ක් වූ එම විදුහලේ විදුහල්පති, වයස අවුරුදු 43ක් වූ ගුරුවරයෙක්, වයස අවුරුදු 31ක් වූ මුරකරු සහ වයස අවුරුදු 13ක් වූ ශිෂ්‍යයෙක්.
අතුරුදන් වූ පිරිස සෙවීම සඳහා පොලිසිය ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව මෙහෙයුම් දියත් කර තිබෙනවා.
----------------------------------
සිව්දෙනෙකු සමග ඔරුවක් පෙරළෙයි
(08-07-2018 09:07)
ඔරුවක් පෙරළීමෙන් එහි ගමන් ගත් 04 දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වෙනවා.
අම්පාර දමන, එක්ගල් ඔයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නනේ.