පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අතරට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 08 දෙනෙකු හා පොලිස් පරීක්ෂකවරුන් 04 දෙනෙකු ඇතුළත්.
සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරු සිදු කර ඇති බවයි පොලිස් මූලස්ථානය කියා සිටියේ. පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.