අම්පාර දමන එක්ගල් ඔයේ දී ඔරුවක් පෙරලීමෙන් අතුරුදන් වූ දෙදෙනෙකුගේ සිරුරු අද (08) පස්වරුවේ සොයා ගැණුනා. ඒ අතරට පනස් තුන් හැවිරිදි වියේ පසු වූ විදුහල්පතිවරයාගේ සහ 13 හැවිරිදි වියේ පසු වූ සිසුවෙකු අයත්.
බදුල්ල කඳන සිරි සීවලි විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසුන් පිරිසක් දමන ප‍්‍රදේශයට පැමිණ තිබුණේ විනෝද චාරිකාවක් සඳහායි. ඒ අතර සිටි 09 දෙනෙකු ඔරුවක නැඟී එක්ගල් ඔයේ ගමන් කරමින් සිටියදී ඔරුව පෙරළී මෙම අනතුර සිදු වුණා. 05 දෙනෙකු අවට ධීවරයින් විසින් බේරා ගැණුනු අතර අතුරුදන් තවත් දෙදෙනෙකු සොයා පොලිසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරනවා.