Sunday, December 22, 2024

General line - 0115112241

විජයකලාට එරෙහි පරීක්ෂණ යට ගැසීමේ තැතක් ගැන ඒකාබද්ධය සැකයෙන්

තරංග රුක්ෂාන් ජයසේකර/ ප‍්‍රගීත් ජානක




හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඉකුත්දා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ලද පැමිණිලි මත තවදුරටත් පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මක වනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ මේ දක්වා අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති බවයි. විමර්ශන සිදු කරන්නේ පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයයි. 

මේ අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් එල් ටී ටී ඊ හිටපු නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සම්බන්ධයෙන් යළිත් වරක් අදහස් පළ කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ වනවා. ඇය මෙම අදහස් පළ කර ඇත්තේ දමිළ රූපවාහිනි නාලිකාවකට අදහස් දක්වමින්. එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරිය පවසා ඇත්තේ හිට්ලර් සමඟ ප‍්‍රභාකරන් සන්සන්දනය කිරීමට නොහැකි බවයි. ඔහු එතරම් කෲර නොවන බවද ඇය ප‍්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. 

ප‍්‍රභාකරන් සටන් වැදුණේ අපගේ භූමිය වෙනුවෙන් බවට කැමත්තෙන් හෝ අකමැත්තෙන් හෝ පිළිගැනීමට සිදු වන බවද හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසා තිබෙනවා. 

මේ අතර විජයකලා මහේෂ්වරන් සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අද (08) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මෙලෙස අදහස් පළ කළා. 

 

එල් ටී ටී ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදු කළ මතභේදාත්මක ප‍්‍රකාශයෙන් පසුව විජයකලා මහේෂ්වරන් ඇය දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද ඉකුත් දා ඉවත් වුණා. එක්සත් ජාතික පක්ෂය ද අදාළ ප‍්‍රකාශය පිළිබ`ද මේ වනවිට පරීක්ෂණ සිදු කරනවා.