අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු සංචාරය සම්බන්ධයෙන් අද (08) දිනයේදී විවිධ අදහස් පළ වුණා. මෙහිදී .පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ අගමැතිවරයා සිංගප්පුරුවට යනවනම් එහි සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ව යලි සිය රට කැඳවා ගෙන එන ලෙසයි.
ජනතා විමුක්ති පෙරමුණ කැඳවූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
අමාත්‍ය සරත් අමුණුගමගෙන් ද මාධ්‍යවේදීන් අද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේ සිංගප්පූරුවේ පැවැත්වෙන ජාත්‍යන්තර ජල සති සැමරුම සහ පිවිතුරු පරිසර සමුළුවට සහභාගී වීම සඳහායි.