භෞතික වශයෙන් රට තුළ සිදු කරන පුළුල් සංවර්ධන කාර්ය මෙන්ම ජනතාවගේ ආධ්‍යාත්මික ගුණ වගාව ඇති කිරීම සඳහා ද පුළුල් වැඩසටහනක් අද අවශ්‍ය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා පවසන්නේ ආගමික පරිසරයෙන් ඈත්වූ ජනතාව නැවත ආගමික ස්ථාන කරා සමීප කරවිය යුතු බවයි.
සමාජ ව්‍යසනයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩුවට පෙර පළමුව පියවර ගත යුත්තේ මව්පියන් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.