Sunday, December 22, 2024

General line - 0115112241

විල්පත්තුවට බලපෑම් කරන තවත් ව්‍යාපෘතියක් ගැන හෙළිකරයි

සජිත් තිලකරත්න




විල්පත්තු ජාතික වනෝද්‍යානයට බලපෑම් එල්ල වන තවත් ව්‍යාපෘතියකට පිඹුරුපත් සකස් කරමින් ඇතැයි නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. මෙම ව්‍යාපෘතිය සඳහා සැලසුම් කර ඇත්තේ විල්පත්තු වනෝද්‍යානයේ බටහිර ප‍්‍රදේශයේ පේ‍්‍රරණ කලාපයට ආසන්නවයි.

එහිදී ඉදි කිරීමට සූදානම් වන පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් සඳහා මේ වනවිට තක්සේරු වාර්තා ද කැඳවා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ මෙම ව්‍යාපෘතිය හරහා සිදු වන වාසියට වඩා විශාල හානියක් ඉදිරියේදී සිදු විය හැකි බවයි. 

මෙම ව්‍යාපෘතිය සිදු කළ හොත් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ජලය නොලැබීම හේතුවෙන් වනෝද්‍යානය ඉදිරියේදී තද වියළි කලාපයක් බවට පත්විය හැකි බවයි පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් කියා සිටියේ. මෙම ව්‍යාපෘතිය හරහා වනාන්තරයේ පේ‍්‍රරණ කලාපයේ පිහිටි අලිමංකඩ පවා විනාශ වන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.