තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ කිරිබත්ගොඩ නාහේන ප්රදේශයේදී මෙම මළ සිරුර සොයා ගත් බවයි.
අද (09) අලුයම 3.30ට පමණ නාහේන ගැමුණු මාවතට හැරෙන හන්දිය අසළ නිවසකදී පුද්ගලයෙකුට පිහියකින් ඇන මෙම ඝාතනය සිදු කර තිබෙනවා.
මරණයට පත්ව ඇත්තේ කිරියාදුරගේ දනුෂ්ක තරංග ගුණරත්න නැමැති වයස අවුරුදු 40ක් වූ නාහේනවත්ත හුණුපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුගේ නිවසට පැමිණි දෙදෙනෙකු මෙම පිහිඇනුම සිදු කර මරණකරුගේම ත්රීරෝද රථයෙන් රැගෙන ගොස් අතුරු මාර්ගයක ඔහුව දමා ගොස් තිබුණා.