එල්. ටී. ටී. ඊ. සංවිධානය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිදු කළ ප‍්‍රකාශයේ වරදක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එල්. ටී. ටී. ඊ. සංවිධානය ක‍්‍රියාත්මක වූ කාලයේදී පැවැති විවිධ රජයන් විසින් ලබාදුන් පොරොන්දු පවා මෙතෙක් ඉටුකර නොමැති බවයි. මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ කරවනැල්ල මාගම්මන ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම කඩිනම් කළ යුතු බවත්, එසේ සිදු කළහොත් පමණක් ඉදිරියට යා හැකි බවත් එම්. ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "එක රටක් වශයෙන් ඉස්සරහට යන්න බැරි තත්ත්වයේ ඉන්නවා අපි..ඒක තමයි ඇත්ත. දියුණු වෙන්න ඕනේ නම්.. රට ඉදිරියට යන්න ඕනේ නම් මේ ජනවාර්ගික ප්‍රශ්නයට හරි විසඳුමක් ගෙන්න ගන්න ඕනේ. LTTE හිටපු කාලේ රජයම ඉදිරිපත් කළා යෝජනා. දැන් කියනවා දැන් LTTE නෑ නේ..ඒක නිසා දැන් ඒවා ඕනේ නෑ කියලා. එහෙම කිව්වාම එතනට ලැබෙන පණිවුඩයක් තමයි 'ආ එහෙනම් නැවත ආයුධ අරගෙන එන්න.. එහෙම ආවොත් තමයි රාජ්‍ය බලය අපි අතර බේදාගන්න පුළුවන්' කියලා." යනුවෙනි.
එල්. ටී. ටී. ඊ. සංවිධානය සම්බන්ධයෙන් ඉකුත්දා සිදු කළ මතභේදාත්මක ප‍්‍රකාශයෙන් පසු විජයකලා මහේෂ්වරන්ට ඇය දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද ඉවත් වීමට සිදු වුණා.